ආර්තවහරනයෙන් පසු ඔබටත් මේ ලක්ශන තිබේද?



හොඳයි! ඔන්න ආර්තවහරණයෙන් පස්සෙ ඇතිවෙන්න පුළුවන් සමහර දේවල්, ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. ඔයා හරි ඔයාගේ අම්මා හරි,ඔයාගේ ආච්චි හරි මේවගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් හෝ එවැනි ලක්ෂණ ගැන කියනවානම් හැකි ඉක්මනට වෛද්‍ය වරයෙක් සමග සම්බන්ධ වී ඵ් ගැන වැඩි උපදෙස් ලබා ගන්න. 

යෝනි මාර්ගය වියළි වීම හෝ කැසීම: යෝනි මාර්ගයෙ තෙතමනය අඩු වෙලා වේලිලා වගේ දැනෙනවා නම්, කැසීමක් එනවා නම් වෛද්‍යවරයෙකුට පෙන්නන එක හොඳයි.

මුත්‍ර කිරීමේ අපහසුව හෝ වේදනාව: මුත්‍රා කරන්න අපහසු නම්, මුත්‍රා කරනකොට වේදනාවක් දැනෙනවා නම්, නිතර නිතර මුත්‍රා කරන්න අවශ්‍ය වෙනවා නම්, මුත්‍රා බර පාලනය කරගන්න අපහසු නම්  වෛද්‍යවරයෙකුට කියන්න. ඒ වගේම මුත්‍ර කොට සෝදන විට යෝනි මාර්ගය තුලින් යමක් එලියට එනවා වගේ දැනෙනවා නමි ඒ පිළිබඳව ඔබගේ වෛද්‍ය වරයා ගේ උපදෙස් ලබා ගන්න .

ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී වේදනාව: ලිංගිකව එකතු වෙනකොට වේදනාවක් දැනෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයෙකුට කියන එක වැදගත්.

අසාමාන්‍ය ස්‍රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම: යෝනි මාර්ගයෙන් සාමාන්‍ය විදිහට නැතුව වෙනස් විදිහට යමක් පිට වෙනවා නම් (පාට වෙනස්, ගඳක් එනවා වගේ,අසාමාන්‍ය විදිහට දියර ගැලීමක්, ලේ පිටවීමක් හෝ දුඹුරු/රතු පැහැති ස්‍රාවයක් ,)ස්වල්ප ප්‍රමාණයකින් හෝ පිටවීමක් සිදුවුනොත් වහාම  වෛද්‍යවරයෙකුට පෙන්නන්න.

ශරීරයේ බර අඩුවීම හෝ වැඩිවීම (හේතුවක් නැතුව): කිසිම හේතුවක් නැතුව ශරීරයේ බර ගොඩක් අඩු වෙනවා නම් හරි, ගොඩක් වැඩි වෙනවා නම් හරි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න.

නිතර ඇතිවන උදර වේදනාව හෝ ඉදිමීම: නිතර බඩ රිදෙනවා නම් හරි, බඩ පිම්බිලා වගේ දැනෙනවා නම් හරි වෛද්‍යවරයෙකුට කියන්න.

පියයුරු වල වෙනස්කම්: පියයුරු වල ගැටිති දැනෙනවා නම්, හැඩය වෙනස් වෙලා නම්, කිසිම දෙයක් සැඟවෙන්නේ නැතුව වෛද්‍යවරයෙකුට පෙන්නන්න.

අස්ථිවල වේදනාව හෝ නිතර අස්ථි බිඳීම: කොඳු ඇට පෙලේ ඇති වේදනාවන්, පොඩි පහරකටත් ඇටයක් කැඩෙනවා නම් හරි වෛද්‍යවරයෙකුට පෙන්නන එක හොඳයි. මොකද ආර්තවහරණයත් එක්ක අස්ථි දුර්වල වෙන්න පුළුවන්.

හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩිවීම: ආර්තවහරණයත් එක්ක හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පපුවේ වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුවක් වගේ දේවල් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයෙකුට කියන්න.

මේ වගේ මොනවා හරි අපහසුවක් දැනෙනවා නම්, බය නැතුව වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන කතා කරන එක තමයි හොඳම දේ.

සැකසුම- වෙෙද්‍ය එල් කේ ගමරත්න.

ඔබට ඔබේ සෞඛ්‍ය ගැටළුව සම්බන්ධව පවුලේ වෙෙ ද්‍යවරයකු සමග සාකච්ඡාකර උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් ටෙලි ඩො ක් ශ්‍රී ලංකා අමතා (076 612 0039) වෙෙද්‍ය හමුවක් වෙන්කර ගන්න  (කොන්දේසි අදාලවේ) මෙතන ක්ලික් කරන්න👇 .

visitors  
free counter                                                                   Exit--- Sponsors

Comments