ආර්තවහරනයෙන් පසු ඔබටත් මේ ලක්ශන තිබේද? හොඳයි! ඔන්න ආර්තවහරණයෙන් පස්සෙ ඇතිවෙන්න පුළුවන් සමහර දේවල්, ගැන තමයි මෙතන සඳහන් කරන්නේ. ඔයා හරි ඔයාගේ අම්මා හරි,ඔයාගේ ආච්චි හරි මේවගේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් හෝ එවැනි ලක්ෂණ ගැන කියනවානම් හැකි ඉක්මනට වෛද්ය වරයෙක් සමග සම්බන්ධ වී ඵ් ගැන වැඩි උපදෙස් ලබා ගන්න. යෝනි මාර්ගය වියළි වීම හෝ කැසීම: යෝනි මාර්ගයෙ තෙතමනය අඩු වෙලා වේලිලා වගේ දැනෙනවා නම්, කැසීමක් එනවා නම් වෛද්යවරයෙකුට පෙන්නන එක හොඳයි. මුත්ර කිරීමේ අපහසුව හෝ වේදනාව: මුත්රා කරන්න අපහසු නම්, මුත්රා කරනකොට වේදනාවක් දැනෙනවා නම්, නිතර නිතර මුත්රා කරන්න අවශ්ය වෙනවා නම්, මුත්රා බර පාලනය කරගන්න අපහසු නම් වෛද්යවරයෙකුට කියන්න. ඒ වගේම මුත්ර කොට සෝදන විට යෝනි මාර්ගය තුලින් යමක් එලියට එනවා වගේ දැනෙනවා නමි ඒ පිළිබඳව ඔබගේ වෛද්ය වරයා ගේ උපදෙස් ලබා ගන්න . ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී වේදනාව: ලිංගිකව එකතු වෙනකොට වේදනාවක් දැනෙනවා නම් ඒ ගැන වෛද්යවරයෙකුට කියන එක වැදගත්. අසාමාන්ය ස්රාවයක් යෝනි මාර්ගයෙන් පිටවීම: යෝනි මාර්ගයෙන් සාමාන්ය විදිහට නැතුව වෙනස් ව...